ක්‍රීඩා

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන අහිමිවුණේ ඇයි?

(UTV| කොළඹ) –  14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තව ත් ඇත්තේ දින 5 ක් පමණි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවන බව වාර්තාවේ.

ඒ ඊයේ දිනයේදී චන්දිමාල්ගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නොසිටින බව අනාවරණය වී තිබේ.

මේ මස 15 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා විය.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකො යන රටවල් 6 සහභාගීත්වයෙන් පැවැත්වේ.

ඒ සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළේය.

අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටි නමුත් පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා අබාධයකට ලක් වුණි.

ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව දිනේෂ් චන්දිමාල් වෙනුවට ආසියානු කුසලානය සඳහා පිටව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විස්සයි 20 ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය මෙන්න

Mohamed Dilsad

බ්‍රසීල ජනපති ඇමතිවරු 6 දෙනෙක්ව නෙරපා දමයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මීළඟ ටෙස්ට් තරඟාවලිය

Mohamed Dilsad

Leave a Comment