ප්‍රමුඛ පුවත 1

අද ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි

(UTV| කොළඹ) – අද සිට සැප්තැම්බර් 7 වන දා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දහවල් 12යි 11ට යාපනය දිස්ත්‍රික්කයේ කලපූමි, කෝණ්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතිනු ඇත.

සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මාසයේත්, දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාසයේත් ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් සූර්යයා පිහිටයි.

මේ අතර ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයක සිහින් වැසි ඇතිවිය හැකි අතර මුලතිව්, වව්නියාව, කිලිනොච්ච් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකි බව එම නිවේදනයේ සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මංතීරු නීතිය අද සිට යළිත්

Mohamed Dilsad

රථවාහනවලට අදාළ ‘ඊ-මෝටරින්’ ක්‍රමය එළැඹෙන ජූලි සිට…

Mohamed Dilsad

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනෙක් ඩුබායි වලින් පිටුවහල් කරයි

Mohamed Dilsad

Leave a Comment