ප්‍රමුඛ පුවත 1

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනෙක් ඩුබායි වලින් පිටුවහල් කරයි

(UTV| කොළඹ) –  මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පිටුවහල් කර තිබේ.

ඔවුන් දෙදෙනා අද අලුයම 5.10 ට පමණ දිවයිනට පැමිණි බව පොලිසිය පවසයි.

මෙලෙස දිවයිනට පැමිණියේ 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන පුද්ගලයින් දෙදෙනායි.

ඔවුන් කොළඹ 10, මාලිගාවත්ත පෙදෙසේ සහ ජුම්මා මස්ජිත් පාරේ පදිංචිකරුවන් බව වාර්තාවේ.

කටුනායක ගුවන් තොටුපොළේදී ඔවුන් දෙදෙනාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අතර මේ වනවිටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසී ය.

ප්‍රබල පාතාල කල්ලි නායක මාඳුකරේ මදුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වු පිරිසෙන් මේ වන විට දිවයිනට පිටුවහල් කර ඇති පුද්ගලයින් ගණන 15ක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නියෝමාල් රංගජීව යළි සේවයට

Mohamed Dilsad

වව්නියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් නැවතත් යථාතත්වයට

Mohamed Dilsad

Leave a Comment