ප්‍රමුඛ පුවත 1

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් නැවතත් යථාතත්වයට

 

(UTV | කොළඹ) – බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය පවසයි.

ඊයේ (28) දිනයේ අදාළ සමාජ ජාල වෙබ් අඩවිවල අවහිරතා පැවති බවට ලොව පුරා රටවල් රැසකින් වාර්තා වී තිබුණි.

කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල වශයෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය හරහා පණිවුඩ හුවමාරු වීම ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා තිබේ.

ලෝකයේ විවිධ රටවල් තුති කිරිමේ නිවාඩු සමය විවිධ දිනවල සමරන අතර අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් නොවැම්බර් මස අවසන් සතියේ බ්‍රහස්පතින්දා එම නිවාඩු දිනය ලෙස නම් කර ඇත.

කෙසේවුවද මේ වනවිට එම සමාජ මාධ්‍ය සියයට සියයක් යථාතත්වයට පත් කර ඇති අතර සිදුවු අපහසුතාව පිළිබඳ ෆේස්බුක් ආයතනය සිය පරිශීලකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පියාට මරණ දඩුවම

Mohamed Dilsad

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Mohamed Dilsad

අමාත්‍ය ධුර ඉල්ලු බවට වන වාර්තා රාජිත ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment