ප්‍රමුඛ පුවත 1

රිය අනතුරු දෙකකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට

(UTV| කොළඹ) – කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙළ මැද්දලන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයෙක් මිය ගොඩ තිබේ.

අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් කුඩා දරුවන් 3 දෙනෙක් ද තුවාල ලැබූහ.

ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරු සිදුව ඇත.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන් අවුරුදු 04, 09 සහ 16 යන වයස්වල පසුවන්නන් බවයි.

ඔවුන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මිය ගියේ ය.

මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ටිපර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව  පොලීසිය පැවසුවේය.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි බාලපුවඩුගේ නුවන් සංජීව මෙන්ඩිස් නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රීමා පිටි මිල ඉහළට

Mohamed Dilsad

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ.

Mohamed Dilsad

දුම්වැටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment