ප්‍රමුඛ පුවත 1

“එක් තීරුවක් – එක් මාවතක්” ව්‍යාපෘතිය ණය උගුලක් නොවේ.චීනය කියයි

(UTV| කොළඹ) – පෙර අපරදිග යා කෙරෙන ඉපැරණි සේද මාර්ගය නැවත පණ ගන්වමින් ක්‍රියාත්මක කරන “එක් තීරුවක් – එක් මාවතක්” යෝධ ව්‍යාපෘතිය ණය උගුලක් නොවන බව චීනය අවධාරණය කරයි.

ඊයේ බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීනයේ ජාතික සංවර්ධන ප්‍රතිසංස්කරණ කොමිසමේ නියෝජ්‍ය සභාපති නින් ජිෂේ මේ බව පැවසීය.

චීනයේ නූතන සේද මාර්ගයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක් පමණ එක්ව සිටියි.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ බොහෝ රටවල් ණය බරින් පෙළීම පිළිබඳව බටහිර ආර්ථික විශ්ලේෂකයන්ගේ විවේචනයට ලක්වේ.

විශේෂයෙන් ෆෝබ්ස් සඟරාව මේ සම්බන්ධයෙන්  ප්‍රකාශ කළේ මෙම රටවල් ණය උගුලකට හසු කර ගැනීමට චීනය උත්සහ කරන බවයි.

නමුත් මෙම  රටවල් සිය ව්‍යාපෘතිය ඇරඹීමට පෙරම ණය බරින් පෙළුණු රටවල් බව චීනය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදෙස් ශ්‍රමිකයින්ගේ ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

දිවුලපිටියේ මත්පැන් විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් 6ක් රෝහලට

Mohamed Dilsad

විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment