ප්‍රමුඛ පුවත 1

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක සමුළුවට ජනපති සහභාගී වෙයි

(UTV|ජෝර්ජියාව) – ජෝර්ජියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක සමුළුවට අද සහභාගී වනු ඇත.

මෙම සමුළුව අද පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී පැවැත්වේ.

ආරම්භක දිනයේම ජනාධිපතිවරයා සමුළුව අමතන අතර හවුල්කාරිත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව එහිදී ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට නියමිත ය.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය – පුරවැසියන් කෙරෙහි දැක්වෙන විනිවිද භාවය, වගවීම සහ මහජන සහභාගීත්වය වැඩි දියුණු කිරීම උදෙසා සැකසුනු යාන්ත්‍රණයකි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර එහිදී වර්තමාන රජය විසින් ගෙනයනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක් වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාව ඒ හා එක්විණි.

එහි සාමාජිකත්වය ලබා ගත් ප්‍රථම දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව වේ.

මේ වන විට ලොව රාජ්‍යයන් 75ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තාර්කික නැති නීති රීති බාධාවක් කරගත යුතු නෑ – ජනපති

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

හෙට සිට වැට් බදු සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment