ප්‍රමුඛ පුවත 1

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පසසුකම්

(UTV| කොළඹ) – පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට බස් රථ 1500 ක් ධාවනයට යොදවා ඇති බවයි.

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.

ඔහු ඉල්ලා සිටියේ මහව සිට අනුරාධපුර දක්වා පටු පාලම් පවතින බැවින් පා පුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙසයි.

මේ අතර අනුරාධපුරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2598 ක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

කලයිමගල් දෙමළ විද්‍යාලයේ ඉදි කල තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබේ

Mohamed Dilsad

වදිනහෙලයාය කදු රක්ෂිතයේ ගින්න තවමත් පැතිරේ. බලධාරීන් නිහඬයි

Mohamed Dilsad

Leave a Comment