ප්‍රමුඛ පුවත 1

රත්මලානේ වෙඩි තැබීමක්.හමුදා කෝප්‍රල්වරයෙකුට තුවාල

(UTV| කොළඹ) – රත්මලාන චකින්දාරාම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිමෙන් යුධ හමුදාවේ සේවයේ නියතු ලුතිනන් කර්නල්වරයෙකුගේ රියැදුරු තුවාල ලබයි.

පොලිසිය පැවසුවේ අද පෙරවරු 7.20 පමණ යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබිම සිදු කර පලා ගොස් ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකි.

වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව ඇත.

ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් රත්මලාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මීතොටමුල්ල අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට සුදානම්

Mohamed Dilsad

කුරුණෑගල වෙළදසැල් 3ක් ගින්නකින් විනාශ වෙයි

Mohamed Dilsad

බදු සහන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment