ප්‍රමුඛ පුවත 1

රජරට සරසවිය වැසේ

(UTV|අනුරාධපුරය) – රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ.

ඒ ඊයේ (21) පස්වරුවේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී රැඳී සිටිම හේතුවෙන් කිසියම් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තේය.

ඉන් පසුව මෙම තිරණය ගත් බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව නේවාසිකාගාරවල සිටින සියලුම සිසුන්ට අද පෙරවරු 10.00ට පෙර නේවාසිකාගාරවලින් ඉවත්වන  ලෙස දැනුම්දී තිබේ.

සිසුන් කිහිප දෙනෙකුගේ පංති තහනම ඇතුළු ගැටළු කිහිපයක් සාකච්ඡා කිරිම සදහා උපකුලපතිවරයා ඊයේ මහා ශිෂ්‍ය සංගමයට සාකච්ඡාවක් ලබාදී තිබුණ ද ඒ සඳහා වැඩබලන උපකුලපතිවරයෙකු යොමු කිරිම හේතුවෙන් සිසුන්ගේ විරෝධය එල්ල වී තිබේ.

මේ අතර නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල ලබුදූව කෘෂිතාක්ෂණ පීඨයේ සිසුන් 05 දෙනා ලබන  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එහි කෘෂිතාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරවල සිසුවියන් සිව් දෙනෙකු සහ සිසුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කළ අය අතර වන බව අක්මිමන පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

විජයකලාට එරෙහි නඩුවත් කල්යයි

Mohamed Dilsad

ගෝවා මිල ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment