ප්‍රමුඛ පුවත 1

විජයකලාට එරෙහි නඩුවත් කල්යයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව කල්දමා තිබේ.

ඒ  නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම හේතුවෙනි.

LTTE සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කළ බවට ඇයට එරෙහිව ගොණුකර ඇති නඩුව අද(07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවේය.

එහිදී අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කැඳවා ඇතැත් මේ දක්වා එම උපදෙස් ලැබී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු දැක්වූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත සිහිකැඳවිමක් යොමු කිරීමට නියෝග කර තිබේ.

අනතුරුව නඩුව ලබන වසරේ පෙබරවාරි මස 22 වනදා දක්වා කල්තැබිමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

පසුගිය ජුලි මස 02 වනදා යාපනය විරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී LTTE සංවිධානය යළිත් ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සහ දැරූ බවට චෝදනා කරමින් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව එම නඩුව ගොණුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට ඩුබායි රාජ්‍යයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ තේරීම් කමිටු අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

පාඨලීට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment