ප්‍රමුඛ පුවත 1

පාඨලීට විදෙස් ගමන් තහනම්

(UTV | කොළඹ) – මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2016 වසෙර්දී ආන්දෝලනයට තුඩුදුන් තරුණයකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාලව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අංක 4 ඊයේ (13) නියෝග කළේය.

එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි පුද්ගලයාටද මහේස්ත්‍රාත් අධිකරණය විදෙස්ගත වීම තහනම් කර තිබේ.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු 2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයටකට ගැටී බරපතළ තුවාල ලැබීය.

අධිකරණයට , අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය දන්වා සිටියේ අදාල අනතුර සිදු වූ ස්ථානවල තිබූ සීසීටීවී දර්ශන මැකී ගොස් ඇති බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔවුන් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ මසේත්‍රාත්වරයා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

තවත් අන්තවාදී සංවිධානයක් පිළිබඳ හෙළිදරව්වක්

Mohamed Dilsad

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment