විදෙස්

ජර්මනියේ නව ජනාධිපති ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් පත්වෙයි

(උදයම්,ජර්මනිය)  – ජර්මනියේ නව ජනාධිපතිවරයා ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් තෝරා පත් කර තිබේ.

61 හැවිරිදි ස්ටයින්මෙයර් ජර්මනියේ ඉමහත් ජනප්‍රසාදයට පත් දේශපාලඥයෙකු වන අතර එළඹෙන මාර්තු මාසයේදී ඔහු සිය ධුරයේ වැඩ භාර ගැනිමට නියමිතය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය නියෝජනය කරන ඔහු මින් පෙර එරට විදේශිය කටයුතු අමාත්‍යවරයා ලෙස දෙවරක්ම ක්‍රියා කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ෆෙඩරල් සභාව විසින් පාර්ලිමේන්තුවේදි පැවැත්වු නිලවරණයකින් අනතුරුවය ඔහුව නව ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනුණි.

 

Related posts

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

Mohamed Dilsad

සුනාමියෙන් පසු ඉන්දූනීසියාවට ගිනි කන්දු අවධානමක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment