විදෙස්

යේමන හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

(UTV | යේමනය) -යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වු මිසයිල ප්‍රහාරයකින් සෙබළුන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුහුණු කඳවුර යේමනයේ අගනුවර වන සානාවලට කිලෝමීටර් 170ක් නැගෙනහිර දෙසින් වන්නට පිහිටා ඇති අතර ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කඳවුර අසල පිහිටි මුස්ලිම් දේවස්ථානය අදාළ ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බව ප්‍රහාරය සම්බන්ධයෙන් යේමන රජය පවසයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති අතර හවුති කැරළිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පළකෙරෙයි.

Related posts

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් වෙයි

Mohamed Dilsad

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment