ප්‍රමුඛ පුවත 1

ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකායේ උසස් නිලධාරීන් සහ ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා සහභාගී වූ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, වයිස් අද්මිරාල් රාජේන්ද්‍ර සිං මහතා ඊයේ(මැයි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

එහිදි නාවික සම්ප්‍රදායනුකූලව විශේෂ සම්මාන මුරයක් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පිරිනැමීය. බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව නාවික හමුදාධිපතිවරයා සහ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතර ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහඳ කතාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සහ ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගීවි සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අගවිනිසුරුවරයෙකු, වැඩ බලන පොලිස්පතිවරයෙකු, වැඩ බලන නීතිපතිවරයෙකු සහ විගණකාධිපතිවරයෙක් පත් කෙරේ

Mohamed Dilsad

ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙයි

Mohamed Dilsad

නව රජයේ කැබිනට් මණ්ඩලය පත් වෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment