ප්‍රමුඛ පුවත 1

IOC ඉන්ධන මිලත් වැඩි වෙයි

(UTV| කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව තම සමාගමේ ද ඉන්ධන මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවන බව ලංකා IOC සමාගම පවසයි.

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් වැඩිවන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට කොළඹදී එක්වෙමින් ඔහු කියා සිටියේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් විස්සකින් වැඩිවන බවයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මෙතෙක් රුපියල් 117 ක මිලකට අලෙවි වූ අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 137 ක්වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මෙතෙක් රුපියල් 128 කට අලෙවි වූ අතර, මිල වැඩිවීමත් සමග එහි නව මිල රුපියල් 148 කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 14 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් වැඩිවන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

ඒ අනුව මෙතෙක් රුපියල් 95ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 109 දක්වාත්, රුපියල් 110 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119 දක්වාත් ඉහළ දමා ඇත.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 57 කිනි.

භූමිතෙල් ලීටරයක් රුපියල් 44 ක මිලකට මෙතෙක් අලෙවි වූ අතර, මිල සංශෝධනයත් සමඟ එහි නව මිල රුපියල් 101 ක් ලෙස සටහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17..

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදීන්ගේ වත්කම් විමර්ශනයට.

Mohamed Dilsad

රනිල්ට සහය දෙන්න TNA සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment