ප්‍රමුඛ පුවත 1

මිස් කෝල් ගැන ජනතාවට අනතුරු අඟවයි

(UTV | කොළඹ) – මෙරට ජංගම දුරකථන භාවිත කරන්නන්ට විදේශ රටවලින් පැමිණෙන මිස් කෝල් ලැබීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් එම ඇමතුම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ එම විදේශ දුරකථන අංකවලට නැවත ඇමතුම් ලබාගැනීමට ගොස් තමන්ගේ ජංගම දුරකථනයේ සිම් පතට අදාල ගිණුම් ශේෂයන් සියල්ල අවසන්වීම පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති බවයි.

විශේෂයෙන් මැදපෙරදිග සහ ඉන්දියාවෙන් වැඩි වශයෙන් එක වරක් පමණක් නාද වී පැමිණෙන ඇමතුම් ලැබුණු පසු යළි එම අංකයට දුරකථන ඇමතුමෙන් ගැනීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජංගම දුරකථන පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තව විවාදය අද

Mohamed Dilsad

යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි…

Mohamed Dilsad

අද මුහුදු ප්‍රදේශ වල සුළං වේගය වැඩි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment