ප්‍රමුඛ පුවත 1

අද මුහුදු ප්‍රදේශ වල සුළං වේගය වැඩි වන ලකුණු

UTV| කොළඹ) – අද(06) රාත්‍රියේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ මෙසේ දැක්වේ..

ඉදිරි දින වලදී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ) සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතී.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව, උතුරුමැද, දකුණු සහනැගෙනහිර පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යමපළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

අද (10) සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්…

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරං ගෙන ආ නෝවේජියානු ජාතිකයන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment