ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව යළි කැඳවීම නව ගැසට් පත්‍රයක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් පෙර ගැසට් පත්‍රයේ පැවති අඩුපාඩු නිවැරදි කරමින් නව ගැසට් පත්‍රය නිකුත් කරයි.

ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්‍රණාලායේ ප්‍රකාශකයෙකු පැවසීය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් මීට පෙර පළමු ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවේ අප්‍රේල් 12 වනදාය.

එහි නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනය ලෙස මැයි 8 වනදා සඳහන් වුවත් එදින කටයුතු ආරම්භ කරන වේලාව පිළිබඳ සඳහනක් කර නොතිබුණි.

මේ හේතුවෙන් පසුගිය 23 වනදා ජනාධිපති ලේකම්වරයා විසින් යළි ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

දෙවන වරට නිකුත් කළ ගැසට් පත්‍රයේ 70 වන ව්‍යවස්ථාවේ 4 වැනි අනු ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලවලට අනුව, මැයි මස 8 වන දින පස්වරු 2.15 ට පාර්ලිමේන්තුව රැස්වන බවට සඳහන් කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙකෝටි හැට ලක්ෂයක ස්වර්ණාභාරණ සමඟ සිංගප්පූරු යුවලක් දැලේ.

Mohamed Dilsad

කොළඹ සිට පකිස්ථානය දක්වා ගුවන් ගමන් යළි හෙට සිට

Mohamed Dilsad

කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment