ප්‍රමුඛ පුවත 1

දෙකෝටි හැට ලක්ෂයක ස්වර්ණාභාරණ සමඟ සිංගප්පූරු යුවලක් දැලේ.

(UTV| කොළඹ) – නීති විරෝධීව මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභාරණ තොගයක් සමඟ සිංගප්පූරු පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපලේදී රේගු අත්අඩංගුවට ගෙන් තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ජාතික යුවළක් වන අතර ඔවුන් සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ විදේශ මුදල් ආයතනයක හිමිකරුවන් බව සඳහන් වේ.

මේ වසරේ දක්වා ගතවූ කාලයේදී අවස්ථා හයකදී පමණ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ පිටව ගොස් ඇති බවත් මෙම යුවළ අවුරුදු 55 සහ 45 යන වයස්වල පසුවන බවත් අනාවරණය වෙයි.

මෙම ස්වර්ණාභරණ තොගය මොවුන් ඇද සිටි කළිසම්වල සාක්කු වල සහ ඒවාට යටින් තම සිරුරු වල මෙම ස්වර්ණාභරණ සඟවාගෙන පැමිණ තිබෙන අතර එහි මුලු බර කිලෝ 04 යි ග්‍රෑම් 850 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාන් මිල යළි පහළට [VIDEO]

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරට සම්බන්ධ බෝට්ටුකරු බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

ජන බලයට පැමිණි පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment