ප්‍රමුඛ පුවත 1

දැනුම්දීමකින් තොරව මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්

(UTV| කොළඹ) – කළුතර, මතුගම නගරයේ සිට ආරම්භ වන පෞද්ගලික බස් රථ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව බස් රථ වර්ජනයක අද (19) උදෑසන සිට   යෙදී  සිටින බව රජයේ නිලපුවත් වෙබ් අඩවියට වාර්තා වෙයි.
මතුගම නගරයේ බස් නැවතුම්පොලේ සිට ආරම්භ වන වායු සමනය කළ බස් රථ හා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ මෙලෙස වර්ජනයට එක්ව ඇතැයි වාර්තා වෙයි.
පෙරේදා බස් රථ කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියක් මෙයට හේතුවී ඇති බවත් මේ වනවිට බස් වර්ජනයක් පවතින බවත් මතුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කළ විමසුමකදී සඳහන් කර සිටියේ ය.

සඳුඳා දින කාර්යාල සේවය යන සහ තම අවශ්‍යතා සඳහා ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මඟී ජනතාව  මෙන් ම දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන බස් රථ මඟින් බලවත් අපහසුතාවයට පත්ව ඇති අතර මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර ලෙස මතුගම නගරයේ රැදී සිටින මඟී ජනතාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කැබිනට් මණ්ඩලය මෙන්න

Mohamed Dilsad

ඉන්දියාව එල්.ටී.ටී.ඊ යට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි

Mohamed Dilsad

සයිටම්ට එරෙහි සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

Leave a Comment