විදෙස්

හැරී දෑවැද්ද ප්‍රතික්ෂේප කරයි

(UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය විසින් ලබා දුන් දෑවැද්ද ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ.

හැරී කුමරුගේ පෙම්වතිය වන මෙගන් මාකල් පවුම් මිලියන 30ක දෑවැද්දක් ලබාදී තිබේ.

මෙහිදී හැරී කුමරු ප්‍රකාශ කර ඇත්තේ විවාහයේ වටිනාකම පවුම් මිලියන 30කට ඇස්තමේන්තු කළ නොහැකි බවයි.

හැරී කුමරුගේ සහොදරයා වන විලියම් කුමරු ද මෙ’ආකාරයෙන්ම ඔහුගේ බිරිඳ වන Kate Middleton  විවාහ වීමේදී ඇගේ දෑවැද්ද ප්‍රතික්ශේප කර තිබේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල් සමග මේ වසරේ මැයි මස 19 වෙනි විවාහ වීමට නියමිතය.

විවාහය සඳහා තෝරාගෙන ඇත්තේ බර්ක්ෂයර් හි ඇති වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයයි.

එරට රාජකීයයන්ගේ විවාහ උත්සව බොහෝ විට යොදාගැනෙන්නේ සතියේ දිනවල වුවත් මෙම උත්සවය සෙනසුරාදා දිනයක යොදාගෙන තිබිමේ විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බැග්ඩෑඩයේදී හමුදා රථ පෙළකට ඇමෙරිකානු ප්‍රහාරයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයාගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

අමෙරිකානු කඳවුරු දෙකකට ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment