ප්‍රමුඛ පුවත 1

පුර්ණ වඳ භාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයා ගෙන නෑ – වෛද්‍ය වෘත්තිකයින් පවසයි

(UTV| කොළඹ) – මඳසරු භාවය ඇති කළ හැකි හෝ වඳ භාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් වෛද්‍ය විද්‍යාවේ සොයාගෙන නොමැති බව සෞඛ්‍ය උපදේශක වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ කොළඹදී පැවැත්වූ  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය. 

ඔවුන් කිසිදු සංවිධානයක් නියෝජනය නොකළ ස්වාධීන ජේෂ්ඨ වෛද්‍ය පිරිසකි.

සමාජය තුළ වැරදි තොරතුරක් ප්‍රචාරය වන නිසා එහි සත්‍යතාවය පැහැදිලි කිරීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

මෙම අසත්‍ය තොරතුර හේතුවෙන් පසුගියදා මහනුවර සහ අම්පාර ප්‍රදේශවල ගැටුම් ඇති කිරීමට හේතු විය. මේ නිසා කඩිනමින් සමාජය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය විසින් කැඳවූ අතර ඊට  ජේෂ්ඨ උපදේශකවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනාවේදී අධික සීතල පිලිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

කංජිපානිගේ සිරදඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment