ප්‍රමුඛ පුවත 1

ජනපති හිරෝෂිමාවේ සංචාරයක

(UTV| කොළඹ) – ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප‍්‍රදේශයේ  ඊයේ (15) සංචාරයක නිරත විය.

හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිතුමා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එහි කෞතුකාගාරය නැරඹීමට ද එක්විය.

1945 වසරේ අගෝස්තු 06 වනදා ලොව ප‍්‍රථම පරමාණු බෝම්බ ප‍්‍රහාරය හිරෝෂිමාවට එල්ල විය. එහිදී නගරයෙන් සියයට අනූවක් පමණ විනාශ වූ අතර, එකවර මිය ගිය සංඛ්‍යාව අසූදහසකට අධිකය.

වසර අවසානයේ එම මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස්දහස දක්වා ඉහළ ගියේය. මෙම ඛේදවාචය සිදුවූ ස්ථානය නැරඹූ ජනාධිපතිතුමා ටික වේලාවක් එහි හැඟුම්බරව ගත කළේය. එමෙන්ම එම භූමියේ සංරක්ෂණය වෙමින් පවතින ගොඩනැඟිල්ල ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරියානු විභාගයට අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහියපකට පය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment