විදෙස්

ජේකොබ් සූමාට දින දෙකක්

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය දින දෙකක කාලයක් ලබා දී තිබේ.

එනම් පය 48 කාලයකි.

ඒ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විධායක කමිටුව පැය 8ක් මුළුල්ලේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුවය.

එය රැස්වුණේ ජනාධිපති සූමා වෙනුවට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකයා ලෙස තෝරා ගැනුණු සිරිල් රමෆෝසාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති ජේකොබ් සූමාගේ 9 වසරක පාලනය කාලය තුළ විශාල මූල්‍ය දූෂණ සිදුවූ බවට චෝදනා එල්ලවේ.

පක්ෂ නායකත්වය වෙනස් කළ ද ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැත.

ඉන් අනතුරුව පක්ෂ නායකයන් ඊයේ රැස්වී මෙලෙස ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කිරීමට තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෙන්යාවේ පොලිස් නිලධාරියෙක් මහෙස්ත්‍රාත් ට වෙඩි තබයි

Editor O

දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 14 ක් මරුට

Mohamed Dilsad

සජීවි විකාශයක් අතරතුර මියගියා යැයි කී පාකිස්ථාන් නිවේදිකාව තවමත් ජීවතුන් අතර

Mohamed Dilsad

Leave a Comment