විදෙස්

දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 14 ක් මරුට

(UTV | කොළඹ) – බර්කිනා ෆාසෝ හි දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ (01) නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙය අතරතුර දේවස්ථානයට කඩාවැදුනු නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් දේවස්ථානය තුළ සිටි පිරිස වෙත වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම වෙඩිතැබීමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුගල් සමාගමට රුසියාවෙන් දඩයක්

Editor O

ලොව උපරිම මිනිස් ආයු කාලය ගැන අනාවැකියක්

Mohamed Dilsad

පූටින්ට ලබාදුන් රුසියානු එන්නත ප්‍රසිද්ධ නොකරයි

Mohamed Dilsad

Leave a Comment