ප්‍රමුඛ පුවත 1

අනතුරු වලින් 3කු මරුට 18 දෙනෙකු රෝහලේ

(උදයම්,අම්පාර) – අම්පාර – කල්මුණේ – සයින්දුමරුදු ප්‍රදේශයේදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් 10 දෙනෙක් තුවාල ලබති .

තුවාල ලැබුවන් මේවන විට කල්මුණේ රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය තුන්දෙනා පාලමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මේ අතර අද අලූයම 12.20 ට පමණ  කොළඹ – නුවර මාර්ගයේ නිට්ටඹුව – කළල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් තවත් අනතුරක් සිදු විය.

එහිදී නවසීලන්ත ජාතිකයන් හයදෙනෙකු ඇතුලූ අටදෙනෙක් තුවාල ලැබුහ.

ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් තුන්දෙනෙකු කාන්තාවන් බවද වාර්තාවේ.

Related posts

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

ගෝඨාභය⁣ට එරෙහි පෙත්සම හෙටට කල් යයි

Mohamed Dilsad

දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුයි

Mohamed Dilsad

Leave a Comment