ප්‍රමුඛ පුවත 1

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මඩාටුගම මාසිතාක් නමින් පවත්වා ගෙන යන මුස්ලිම් ආගමික පෙර පාසල් ගොඩනැගිල්ලක කාමරයක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ තවුහීත් ජමාත් සංවිධානය සමග සබඳතා පැවත්වූ පුද්ගලයන් දෙදෙනෙකු යුදහමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඩියගල පාර, මඩාටුගම සහ සමගි මාවත, මඩාටුගම පදිංචිකරුවන් දෙදෙනෙකි.

මින් එක් අයෙකු මෙම පෙර පාසල් ගොඩනැගිලි භාරකරු වශයෙන් කටයුතු කරන්නෙකි.  C 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 168 ක්, මාකර් පෑනක් තුළ සවිකර තිබූ කොළ සහ කහපාට වයර් කැබැලි දෙකක්, විදුලි ඩෙටනේටරයක් සහ දෙමළ බසින් මුද්‍රණය කරන ලද අන්තවාදී ආගමික පොත් 5ක් අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත  මෙම පුපුරණ දුව්‍ය සොයා ගෙන තිබේ. සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව පොලිසියට භාරදී තිබේ.

සැකකරුවන් අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට -කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී

Mohamed Dilsad

රට තුළ පැවති දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ හැටි ජනපති හෙළි කරයි

Mohamed Dilsad

ඩොලරය අද තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment