ක්‍රීඩා

අද තරගයේ වෙනස්කම්

(උදයම්,පෝට් එළිසබෙත්) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද පෝට් එළිසබෙත් හිදී අරම්භවේ.

පෞද්ගලික හේතුවක් මත නායක ඇන්ජෙලෝ මැතිව්ස් දිවයිනට පැමිණීම හේතුවෙන් අද කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ උපුල් තරංග විසිනි.

අද තරඟය සඳහා ලහිරු කුමාර, විකුම් සංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට එක්වන බව වාර්තා වෙයි.

අද සංචිතයට ධනංජය ද සිල්වා , නිරෝෂන් දික්වැල්ල , සඳුන් වීරක්කොඩි , කුසල් මෙන්ඩිස් , අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා සහ සචිත් පතිරණ ඇතුල කර තිබේ.

ලක්ෂාන් සඳකැන් , ලහිරු මදුෂංක , නුවන් කුලසේකර සහ සුරංග ලක්මාල් ද අද සංචිතයට ඇතුලත්ව සිටිති.

මෙම පළමු එක්දින තරගය ශ්‍රීලංකා වේලාවෙන් අද පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

ඉම්සමාම් උල් හක්ට හදිසි හෘදයාබාධයක්

Mohamed Dilsad

යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment