Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සීමිත පන්දුවාර කණ්ඩායම් නායක චරිත් අසලංක සහ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීම ට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබිණ.

ඊට එරෙහි පෙත්සම අද (18) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ බව සඳහන් වන අතර , එහිදී අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම ලබන 28 වැනිදා දක්වා කල් තබා ඇති බව සඳහන් වේ.

Related posts

විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 07 වෙනිදා පාර්ලිමේන්තුවට

Editor O

QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට රටපුරා

Mohamed Dilsad

කොළඹ තාවකාලික පදිංචිකරුවන් රැසකගේ තොරතුරු පරිඝණක ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment