Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සීමිත පන්දුවාර කණ්ඩායම් නායක චරිත් අසලංක සහ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීම ට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබිණ.

ඊට එරෙහි පෙත්සම අද (18) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ බව සඳහන් වන අතර , එහිදී අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම ලබන 28 වැනිදා දක්වා කල් තබා ඇති බව සඳහන් වේ.

Related posts

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදානම් රටවල්

Mohamed Dilsad

ආයතන 35ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

Mohamed Dilsad

අවුරුද්දකට ඇප ගන්න බැරි වෙන්න තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment