ප්‍රමුඛ පුවත 1

ආනයනික සහල් මිල පහළට

(උදයම්,කොළඹ) – ආනයනික සහල් සඳහා දැනට පවතින බදු මේවන විට තවදුරටත් අඩු කර ඇති බව රජය පවසයි.

ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් කිලෝවක් සඳහා පැවති රුපියල් 15ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ  බද්ධ රුපියල් 05ක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

ආනයනික රතු කැකුළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග සඳහා පමණක් මෙලෙස බදු සහන ලබාදී ඇති අතර බාස්මති සහල් වෙනුවෙන් මෙම සහනය ක්‍රියාත්මක වන්නේ නැත.

අනවශ්‍ය ලෙස සහල් තොග රඳවා ගෙන ඉහළ මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන්ගේ ක්‍රියා කලාපයට ප්‍රතිචාර වශයෙන් රජය මෙලෙස ආනයනික සහල් සඳහා බදු සහන ලබාදුන් බව මුදල් අමාත්‍යංශය කියා සිටියේය.

Related posts

ගිංතොට තත්ත්වය පාලනය කිරීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කළා -ඇමති සාගල

Mohamed Dilsad

පස්වරුවේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Mohamed Dilsad

හෙට්ටිවීදියේ වෙඩි තැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment