ප්‍රමුඛ පුවත 1

දේශපාලන කටයුතුවලට ළමයි යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

(UTV| කොළඹ) – දේශපාලන කටයුතු සඳහා ළමයින් භාවිත නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටී.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති වර්තමානයේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.

ළමයින්ව දේශපාලන කටයුතු වලට සහභාගී කර ගැනීම මඟින් ඔවුන්ව කායික හෝ මානසිකහිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වේ.

එවැනි සිදුවීම් වෙතොත් 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය අමතා වහාම දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 05 කින් ඉහළට

Mohamed Dilsad

22 වනදා සිට විශ්ව විද්‍යාල කටයුතු ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ජනපතිට ලිඛිත ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment