ප්‍රමුඛ පුවත 1

දේශපාලන කටයුතුවලට ළමයි යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

(UTV| කොළඹ) – දේශපාලන කටයුතු සඳහා ළමයින් භාවිත නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටී.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති වර්තමානයේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.

ළමයින්ව දේශපාලන කටයුතු වලට සහභාගී කර ගැනීම මඟින් ඔවුන්ව කායික හෝ මානසිකහිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වේ.

එවැනි සිදුවීම් වෙතොත් 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය අමතා වහාම දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රීඩා අමාත්‍යාංශයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරය සහ මුල් දින කවරයක්

Mohamed Dilsad

කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ජනාධිපති සීනිගම දේවාලයේ සංචාරයක.

Mohamed Dilsad

Leave a Comment