ප්‍රමුඛ පුවත 1

ක්‍රීඩා අමාත්‍යාංශයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරය සහ මුල් දින කවරයක්

(UTV|කොළඹ) – ක්‍රීඩා අමාත්‍යාංශය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කිරීම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ජනාධිපති නිල නිවසේ දි සිදුකෙරිණි.

සමරු මුද්දරය සහ මුල් දින කවරය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

2017 වසරේ ලන්ඩන් නගරයේ පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ තරගයේ රිදී පදක්කම් ලාභී  දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක් සහ ක්‍රීඩා අරමුදලින් රුපියල් ලක්ෂ 15 ක් බැගින් චෙක්පත් මෙහිදී ජනාධිපතිතුමා අතින් ප්‍රදානය කෙරුණු අතර දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත අප්පුහාමි මහතා ද ඒ අවස්ථාවට එක්විය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, ජාතික තේරීම් කමිටු සභාපති ජෙනරාල් දයා රත්නායක, ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශිකා සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ඇමතිධූර ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි -හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

එජාපයේ ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහැර කොළඹින් අරඹයි

Mohamed Dilsad

Leave a Comment