ප්‍රමුඛ පුවත 1

ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ

(UTV|කොළඹ) – වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසළතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් අරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව යටතේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල අද (25) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ  ශ්‍රවණාගාරයේ දී ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරිණි.

සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලත් විවිධ ජනමාධ්‍ය ආයතනවල සේවය කරන ජනමාධ්‍යවේදීන් 60ක් සඳහා  රුපියල් ලක්ෂය බැගින් වූ ශිෂ්‍යත්වයක් මෙලෙස පිරිනැමිනි.

වාර්ෂික ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ මෙවනවිට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ 739 දෙනෙකු ශිෂ්‍යත්ව  ප්‍රතිලාභ ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට හැකි වී තිබේ.

මේ අවස්ථාවට අතිරේක ලේකම් ( පාලන ) රමණී ගුණවර්ධන මහත්මිය, තිරේක ලේකම් (සංවර්ධන ) තිලකා  ජයසුන්දර මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී පී.ඒ. තිලකරත්න මහතා, අධ්‍යක්ෂ ( සංවර්ධන ) ජේ.ඩබ්ලිව්.එස්.කිත්සිරි  මහතා, අධ්‍යක්ෂ ( මාධ්‍ය)  කේ.පී.ජයන්ත මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක අනුලා විජේරත්න මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් ද සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුපියලේ අගය තවත් පහළට

Mohamed Dilsad

අම්බලන්තොට කළුකොඩි ඔසවමින් හර්තාල් ව්‍යාපාරයක්

Mohamed Dilsad

මැතිවරණයෙන් පසු සිරකරුවන් රැසකට පොදු සමාව

Mohamed Dilsad

Leave a Comment