දේශීයප්‍රමුඛ පුවත 1

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5 ට අවසන් විය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවන බවයි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී පෙරවරු 7 ට ඡන්ද විමසීම ආරම්භ විය.

කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකින් සංඛ්‍යාව 16,263,885 කි.

Related posts

ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

Editor O

ශ්‍රී ලංකාවද ඩිජිටල්කරණය සමග ඉදිරියට යායුතුයි – ජනාධිපති

Editor O

Leave a Comment