ප්‍රමුඛ පුවත 1

රුවන්වැලි සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය පැළඳ වූ කොත නිරාවරණය කිරීම අද

 

(UTV | කොළඹ) –  රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රඳුන්ට පැළදවීම ඊයේ (25) පස්වරුවේ සිදුකරනු ලැබූ අතර , අද (26) පෙරවරු 10.30 ට චූඩා මාණික්‍යය පැළද වූ රන් අලේපිත කොත නිරාවරණය සිදුකිරීමට නියමිතයි.

ඒ, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

රුවන්වැලි මහා සෑය, මීට පෙර අවසන්වරට ප්‍රතිසංස්කරණය කර චූඩාමාණික්‍ය පැළඳවීම සිදුකෙරුණේ 1939 වසරේදීයි. එම චූඩාමාණික්‍ය පළුදු වී දුර්වර්ණ වීම නිසා නව චූඩාමාණික්‍ය පැළඳවීමට පියවර ගනු ලැබීය.

රන් පාදමට මැණික් ගල් 5400 කට අධික ප්‍රමාණයක් ඔබ්බවා තිබීම ද මෙහි ඇති විශේෂත්වයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට සරසවිය වැසේ

Mohamed Dilsad

ඌව රාජ්‍ය සේවකයින් හට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතයට වාරණයක්

Mohamed Dilsad

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

Leave a Comment