ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කීපයකට හදිසි ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ප්‍රදේශ කීපයක හදිසි ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ කඩවත පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීමක් නිසා ජතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන නල මාර්ගයකට හානි වීම හේතුවෙනි.

මේ නිසා ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, කටුනායක, සීදූව, ජා-ඇල නගර සභා බල ප්‍රදේශය, ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මාබෝල ප්‍රදේශය, වැලිසර කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම්, පොල්ගහහේන, බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපායි.

මෙම ප්‍රදේශවලට ජල මාර්ග නැවත පිළිසකර කරන තෙක් ජලය ලබාදීමට නොහැකි වී ඇති බවත් එම පිළිසකර කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත් ජල සම්පාදන මණ්ඩලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි බලා පිටත් වෙයි.

Mohamed Dilsad

ප්‍රදේශ රැසක විදිලිය බිඳ වැටෙයි

Mohamed Dilsad

සාවද්‍ය තොරතුරු ලබාදෙන මාධ්‍යන්ට විරුද්ධව පියවර ගන්නවා – හේෂා විතානගේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment