ප්‍රමුඛ පුවත 1

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

(UTV|කොළඹ) – ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද සමරනු ලබයි.
2008 වසරේ සිට සෑම වර්ෂයකම ජනවාරි 04 වන දින “ළමා හිංසනයට එරෙහි ජාතික දිනය” ලෙස ශ්‍රී ලංකාව තුළ සමරයි.
ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම මෙන්ම ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මෙම දිනයේ අරමුණ වී තිබේ.
2018 වර්ෂයේදී ළමා ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
ගමින් ගමට ගොස්, පාසලින් පාසලට ගොස් ප්‍රජාව වෙත සමීප වෙමින් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට විවිධ වැඩසටහන් සැළසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනිද ලිවේරා මහත්මිය සඳහන් කළේය.
ළමා හිංසනය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත අනාගතයක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ කසල නව ක්‍රමයකින් අරුවක්කාලු වෙත

Mohamed Dilsad

වාහන අලෙවිය සියයට 75කින් පහතට

Mohamed Dilsad

නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment