ප්‍රමුඛ පුවත 1

බදුලු ඔයේ දිය නාන්නේ බලාගෙනයි

(උදයම්,බදුල්ල)    –  බදුල්ල දිස්ත්‍රික්කය පුරාවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් බදුලු ඔයේ දියනෑමෙන් වළකින ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

එමෙන්ම, දියඇලි පාමුල දියනෑමෙන් වළකින ලෙසට ද ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර, ඇල්ල – වැල්ලවාය සහ වැලිමඩ – නුවරඑළිය මාර්ගවලට ස්ථාන කිහිපයකින් පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවදානමක් ද පවතිනවා.

මේ නිසා රියදුරන් ඒ පිලිබඳව සැලකිලිමත් වන ලෙසයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

Related posts

අණ නොතකා ධාවනය කළ මෝටර් රථ 2කට වෙඩි ප‍්‍රහාර

Mohamed Dilsad

බේරුවල ගම්මාන 2 ක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්න

Mohamed Dilsad

Leave a Comment