විදෙස්

ඇමරිකාවට එන්නැයි මෝඩිට ආරාධනා

(උදයම්,ඇමරිකා)  –  ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හට ආරාධනය කරයි.

ඊයේ රාත්‍රියේ ඉන්දීය අගමැති මෝඩි වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් මෙලෙස ආරාධනය කල බව ධවල මන්ධිරය පවසයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉන්දියාව ඇමරිකාවේ හොඳ මිතුරෙකු බවයි.ගෝලීය අභියෝග ජය ගැනීමට දෙරට අතර පවතින සබදතාවය තවදුරටත් ශක්තිමත කර ගතයුතු බවද මෙහිදී ඩොනල්ඩ් ට්‍රප්ම් පෙන්වා දී තිබේ.

විශේෂයෙන් මෙහිදී දෙරටේ නායකයින් ත්‍රස්තවාදය වැළැක්වීම ,වෙළද සහ ආර්ථික ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කර ඇත.

ඒ අනුව මේ වසර අගදී ඉන්දීය අගමැති මෝඩි සාදරයෙන් පිළිගැනීමට ඇමෙරිකාව බලාසිටින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

Related posts

ඉරානයේ විරෝධතාවලින් 12,000ක් පමණ මියගිහින්…! | ඉරානයේ තොරතුරු වාරණය දැඩි කරයි

Editor O

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

රයුගු උල්කාපාතයට ජපානයෙන් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment