විදෙස්

ඇමරිකාවට එන්නැයි මෝඩිට ආරාධනා

(උදයම්,ඇමරිකා)  –  ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හට ආරාධනය කරයි.

ඊයේ රාත්‍රියේ ඉන්දීය අගමැති මෝඩි වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් මෙලෙස ආරාධනය කල බව ධවල මන්ධිරය පවසයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉන්දියාව ඇමරිකාවේ හොඳ මිතුරෙකු බවයි.ගෝලීය අභියෝග ජය ගැනීමට දෙරට අතර පවතින සබදතාවය තවදුරටත් ශක්තිමත කර ගතයුතු බවද මෙහිදී ඩොනල්ඩ් ට්‍රප්ම් පෙන්වා දී තිබේ.

විශේෂයෙන් මෙහිදී දෙරටේ නායකයින් ත්‍රස්තවාදය වැළැක්වීම ,වෙළද සහ ආර්ථික ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කර ඇත.

ඒ අනුව මේ වසර අගදී ඉන්දීය අගමැති මෝඩි සාදරයෙන් පිළිගැනීමට ඇමෙරිකාව බලාසිටින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

Related posts

මෙක්සිකෝ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166 ක්

Mohamed Dilsad

ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

මාංශ පේශී පටක නිර්මාණය සාර්ථක වෙයි

Mohamed Dilsad

Leave a Comment