ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

උත්සව සමයේදී සහල් සඳහා උපරිම මිලක්

(UTV|කොළඹ) – සහල් සඳහා පාලන මිලක් පැනවීමේ අවශ්‍යතාවය පිළිබඳ ලංකා සතොස පළමු පියවර ලෙස නාඩු සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති සඳහන් කරයි.

පසුගිය 19 වෙනිදා පැවැති ජිවන වියදම පිළිබඳ කැබිනට් අනුකමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයාට වඩාත් සහනදායි මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම උදෙසා සතොස හා පෞද්ගලික ආයතන මතින් අවශ්‍ය සහල් තොග ආනයනය කිරීමටත් නාඩු සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර ඇත.  ඒ අනුව නාඩු සහල්වල උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් 1ක් සඳහා රු: 74.00 ක් ලෙසට ගත් තීරණය නිර්දේශ කර ප‍්‍රකාශයට පත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව වෙත භාර දී ඇත.

එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින  පුරා සහල් වර්ග අලෙවි වන සිල්ලර මිල ගණන් පිළිබඳ දිනපතා තොරතුරු එක් රැස් කරන අතර පවතින තත්වය සලකා බලා අවශ්‍ය වුවහොත් අනිකුත් සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් පැනවීම සඳහා කටයුතු සිදු කරනු ඇත.

උත්සව සමයේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අරමුණින් සෑම දිනකම වෙළෙඳසැල් පරීක්ෂා කරමින් වෙළෙඳපොල වැටලීම් සිදුකරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් දි ඇත.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Read 1 times

Related posts

විදුලිබිල වැඩි නොකරන බවට විෂයභාර ඇමතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සදහා යුධ හමුදා නිළධාරින් 350 ක්

Mohamed Dilsad

ගෑස්පහ හන්දියේ සැකකටයුතු යතුරුපැදියක් පුපුරවා හරී

Mohamed Dilsad

Leave a Comment