ප්‍රමුඛ පුවත 1

පාතාලයට සම්බන්ධ 8 දෙනෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) – ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කණ්ඩායම් නායකයෙකු වන දැනට විදේශගතව සිටින මාකඳුරේ මදුෂ් සමග ඍජුව සම්බන්ධතා පැවැත්වු අයෙකු සහ තවත් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ලැබුනු තොරතුරකට අනුව ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව දාගොන්න ප්‍රදේශයේ නිවසකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී ගිනි අවියක් , මැගසිනයක් , ජීව උණ්ඩ 6 ක් , ජීව අත් බෝම්බයක් , හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 150 ක් , මන්නා පිහියක් , කඩුවක් , ටී 56 උණ්ඩ 6 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 940 ක් සොයාගෙන තිබේ.

අවුරුදු 31 , 48 , 24 , 47 , 19 , 35 සහ 28 වයස්වල පසුවන සැකකරුවන් ලුණුවිල , දාගොන්න , උඩුගම්පළ, කඹුරුගමුව, මිනුවන්ගොඩ සහ කටුනායක ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

ඔවුන් හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විල්පත්තුව ගැන පවතින වැරදි මත දුරු කිරීමට උතුරේ මහා සංඝරත්නය සුදානම්

Mohamed Dilsad

නව අගවිනිසුරු කවුද?

Mohamed Dilsad

අද සවස් කාලයේ ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි…

Mohamed Dilsad

Leave a Comment