ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පෙරමුණ හෙට අවසන් තීරණයකට

(UTV| කොළඹ) –  ජනාධිපතිවරණයෙන් පසු ඉදිරියට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ හෙට (20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැත්නම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

එමෙන්ම , එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (18) පස්වරුවේ රැස් වූ අතර එහිදී ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සිදුකරන සාකච්ඡාවලින් අනතුරුව හෙට දිනයේ දි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් රැස්වි යළි අවසන් තීරණයකට පැමිණීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපදා හේතුවෙන් රැදවුම් මධ්‍යස්ථාන වල සිටි පිරිස් යළි නිවෙස් වෙත

Mohamed Dilsad

FBI කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

“ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නවා” සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි

Mohamed Dilsad

Leave a Comment