ප්‍රමුඛ පුවත 1

හමුදාවෙන් පැන්න 26,000 ක් අල්ලන්න මෙහෙයුම්

(UTV|කොළඹ) – යුද හමුදාව අතහැර පළා ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ සිට මෙහෙයුම් ආරම්භ කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ඒ යුද හමුදාවෙන් පළා ගිය සාමාජිකයින්ට නිත්‍යාණුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දී තිබූ පොදු සමා කාලය ඊයේ(22) දිනයෙන් අවසන් වු නිසාය.

මේ අනුව දිවයින පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනාරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

යුද හමුදාව අතහැර පළා ගිය තවත් පුද්ගලයින් 26,000කට ආසන්න පිරිසක් සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය.

පසුගිය ඔක්තෝබර් මස 23 වන දින සිට ක්‍රියාත්මක වූ මෙම පොදු සමා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 11,232 කු ස්වෙච්ඡාවෙන්  ඉවත් වී ඇති බව මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය.

ඒ අතර යුධ හමුදා නිලධාරීන් 15 දෙනෙකු සහ කැඩෙට් නිලධාරීන් 09 දෙනෙකු ද වේ.

Related posts

වයඹට සහ ගම්පහට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

16 දෙනෙකුට මරු කැඳවු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

ඩොලරය යළි පහල බසී

Mohamed Dilsad

Leave a Comment