ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය යළි පහල බසී

(UTV| කොළඹ) – මහ බැංකු විනිමය අනුපාතයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (02) රුපියල් 1 ශත 50කින් ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය අඟහරුවාදා (30) වැනිදා සිට නොවැම්බර් (1) වැනිදා දක්වා දිනක් තුනක් අඛණ්ඩව අවප්‍රමාණය විය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 175.82ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 171.93ක් ලෙස සටහන් වී තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (01) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 177 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා රුපියල එතරම් පහළ අගයට වැටුණු පළමු අවස්ථාව එය විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේ පෙළ පොත් මුද්‍රණයේ දි වංචා රැසක් [VIDEO]

Mohamed Dilsad

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමේ

Mohamed Dilsad

කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා තවදුරටත් .

Mohamed Dilsad

Leave a Comment