ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ගේ නඩුව අතරතුර කෑගැසූ අයෙකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විමල් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ උසාවිය තුල සිටි පුද්ගලයෙකු හිටපු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති අශූ මාරසිංහද අත්අඩංගුවට ගන්නයි කෑ ගසා ප්‍රකාශ කර තිබෙනවා.

එම පුද්ගලයා උසාවි නියෝග මත මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

වාහන අවභාවිතාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ වෙත චෝදනා එල්ලවන සමයේ නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලසන්ත අලගියවන්න කටයුතු කළ අතර ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළේ වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහ මහතාය.

Related posts

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් අද

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයට

Mohamed Dilsad

ඇදිරි නීතිය අතරතුර ධාවනය වූ දුම්රියකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment