විදෙස්

අන්තර් පැසිෆික් ආර්ථික හවුලෙන් ඇමරිකාව ඉවත් වෙයි

ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් අන්තර් පැසිෆික් ආර්ථික සහයෝගීතා ගිවිසුමෙන් ඉවත් වීමේ විධායක නියෝගයක් නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර තිබේ.

පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි රටවල් 12ක් එක්වී මෙම ගිවිසුම ඇති කර ගැනීමට කටයුතු කළේ හිටපු ජනපති බැරක් ඔබාමා විසිනි.

ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, වියට්නාමය මෙන්ම පේරු සහ මෙක්සිකෝ රාජ්‍යයන් ද ඊට ඇතුළත් වන අතර, ආසියා – පැසිෆික් කලාපයේ ඇමරිකානු බලපෑම පවත්වා ගැනීම එහි අරමුණක් විය.

විශේෂයෙන් ආසියාකරයේ පැතිරෙන චීන ආධිපත්‍යයට පිළිතුරක් ද හිටපු ජනාධිපති ඔබාමා මෙම ගිවිසුමෙන් අපේක්ෂා කළේය.

කෙසේ නමුත්, අන්තර් පැසිෆික් ආර්ථික ගිවිසුම තුළින් ඇමරිකාවේ ස්වෛරීභාවයට මෙන්ම ආර්ථික නිදහසට බාධාවක් මතු වන බවට විවේචන එල්ල වුණි.

මෙම ගිවිසුම මගින් ඇමරිකානුවන්ගේ රැකියා අවස්ථා අහිමි වන බව ට්‍රම්ප් කියා සිටියේය.

මේ අනුව ඇමරිකාව එම ආර්ථික ගිවිසුමට අනුකූලව කටයුතු කිරීම මින් පසු නතර වනු ඇත.

මේ අතර, ජනාධිපති ට්‍රම්ප් විසින් සිය රාජ්‍ය ලේකම් ධුරයට නම් කර සිටින තවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එක්සොන් – මොබිල් තෙල් සමාගමේ ප්‍රධාන විධායක රෙක්ස් ටිලර්සන්ගේ පත්වීමට ද ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

Related posts

ලිහිල් කළ සීමා හේතුවෙන් චීනයේ කොරෝනා රෝගීන්ගේ වර්ධනයක්

Mohamed Dilsad

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් යලිත් සම්බාධක

Mohamed Dilsad

එවරස්ට් කන්දේ උස තව වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment