Trending News

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප‍්‍රධානත්වයෙන් රැස්වෙයි

(UTV|කොළඹ) – ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ 9 වන අවස්ථාව මෙය වන අතර පසුගිය රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු ඉදිරියට ක්‍රියාත්මක වන අන්දම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
පිරිවෙන් සඳහා ඩෙස් බංකු ලබාදීමට ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ඩෙස් බැංකු කට්ටල දස දහසක් පමණ මේ වන විට සකස් කර අවසන්ව තිබෙන අතර ඉදිරියේදී ඒවා පිරිවෙන් සඳහා බෙදාදීමට හැකි බව සඳහන් කෙරිණි.
එමෙන්ම බුද්ධ ජයන්ති නව ත්‍රිපිටක ග‍්‍රන්ථ, සංස්කරණය සහ මුද්‍රණය පිළිබඳ ප‍්‍රගතිය ද සාකච්ඡාවට බඳුන් විය.
පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා ගෙන යන වැඩපිළිවෙළ හා ඒ සඳහා නව පුස්තකාලයක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ජනවර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අන්තර් ආගමික කමිටු පිහිටුවීම සහ ඒ සඳහා ආගමික නායකයින්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහය ලබා ගැනීම පිළිබඳව ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවට බදුන් විය.
පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ශාස්ත‍්‍රපති නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ඇතුළු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේ‍ම ගමගේ මහතා ඇතුළු නිලධාරින් මෙම හමුවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Top Afghan Commander killed in Kandahar gun attack

Mohamed Dilsad

Update – ஜனாதிபதி பங்களாதேஸ் புறப்பட்டார்!

Mohamed Dilsad

US builds pressure on Turkey to halt incursion

Mohamed Dilsad

Leave a Comment