ප්‍රමුඛ පුවත 1

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

(UTV|කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් පරිදි පකිස්ථානු අග්‍රාමාත්‍යවරයා විසින් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට එකඟත්වය පළ කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම පොහොර සැපයීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් එය හැකි ඉක්මනින් විසඳීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.
පුද්ගලික අංශයට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇතැයි ද වර්ගය අනුව සහල්වල මිල වෙනස් වුවත් සතොස වෙතින් රුපියල් 75ක් වැනි මුදලකට නාඩු සහල් ලබාගත හැකි යැයි ද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශය වෙත ලබාදුන් ප්‍රමාණණයට වඩා අඩු ප්‍රමාණයක් ආනයනය කොට ඇතැයි ද ඉදිරියේ දී ඒ පිළිබඳ ව අධීක්ෂණය කිරීමෙන් අනතුරුව සහල් ආනයනය කිරීම රජය වෙතනි පමණක් ම සිදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙට

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

අන්තරේ විරෝධතාවක්.මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment