ප්‍රමුඛ පුවත 1

අමාත්‍යාංශ 06කට නව ලේකම්වරුන් පත් කරයි

(UTV|කොළඹ) – අමාත්‍යාංශ 06කට නව ලේකම්වරුන් පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නව පත් කිරීම් සිදුකර ඇති බවයි.
ඒ අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජගත්.පී.විජේවීර මහතා පත් කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.අධිකාරි මහත්මිය පත් කර තිබේ.
නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතා පත් කර ඇති අතර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා ද පත් කර ඇති බව වාර්තා වෙයි.
විශේෂ කාර්යය භාර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.මායාදුන්නේ මහතා පත් කර ඇති අතර තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා පත් කර  තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඖෂධ අලෙවිහල් නියාමනය කිරීම කාලීන අවශ්‍යතාවයක් – සුව ඇමති

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩ අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

ජනාධිපතිවරණය නොවැම්බර් 16

Mohamed Dilsad

Leave a Comment